විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ලංකා ගුරු සංගමයෙන් පෙත්සමක්

පාසල්වල ජල බිල්පත් ගෙවීම දෙමවුපියන් මත පැටවීමේ තීරණය වහා අවලංගු කරන්න - ලංකා ගුරු සංගමය
ජාතික විභාග පැවැත්වෙන අවස්ථාවලදී විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක් විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ඔහු පවසන්නේ උසස් පෙළ විභාග කාලසීමාවේ විදුලිය කප්පාදු නොකරන බවට විදුලිබල මණ්ඩලය හා බලශක්ති අමාත්‍යංශ ලේකම්වරයා මානව හිමිකම් කොමිසමට ප්‍රතිඥාවක් දුන් බවත්. නමුත් එය කඩකරමින් විදුලිය කප්පාදු කිරීම නිසා සිසුන්ට දැඩි අසාධාරණයක් සිදුවී ඔවුන්ගේ මූලික අයිතීන් උල්ලංඝනය වූ බවට ඔහු පවසයි.