ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ දමයි

ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ දමයි
ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.
වානිජ බැංකුවල පොලී අනුපාතය ඉහළ යෑම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලී අනුපාතය 9% සිට 15% දක්වා ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ගනුදෙනුකරුවන්ට ලිපි නිකුත් කර ඇත.
ලංකා බැංකුව සහ මහජන බැංකුවද ජනවාරි මාසයේ සිට ණය පොලී අනුපාතය ඉහළ නැංවීමට කලින් තීන්දුවක් ගෙන තිබූ අතර වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හේතුවෙන් එය නතර කර තිබේ.