විවිධ වෘත්තිකයන් 6000ට වැඩි පිරිසක් රට හැර ගොස්; රට රැකියා සඳහා යෑම 136%කින් ඉහළට

විවිධ වෘත්තිකයන් 6000ට වැඩි පිරිසක් රට හැර ගොස්; රට රැකියා සඳහා යෑම 136%කින් ඉහළට

විවිධ වෘත්තිකයන් 6000ට වැඩි පිරිසක් රට හැර ගොස්; රට රැකියා සඳහා යෑම 136%කින් ඉහළට

ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිවේදීන්, ගණකාධිකාරිවරුන්, සරසවි ආචාර්යවරුන්(ආචාර්ය, මහාචාර්ය) ඇතුළු විවිධ වෘත්තිකයන් හයදහසකට වැඩි පිරිසක් පසුගිය වසර තුනක පමණ කාලයේදී රට හැර ගොස්(බුද්ධි ගලනය) ඇතැයි වාර්තා අනුව පෙනී යන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

සේවක වැටුප් මත අධික බදු අය කිරීම හේතුවෙන් ඉදිරි කාලයේදී වෘත්තිකයන් තවත් විශාල වශයෙන් රට හැර යෑමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර පසුගිය වසරේ මුල් මාස නවය තුළ ලක්ෂ 8කට ආසන්න පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන ලක්ෂ 6ක පමණ පිරිසක් රට හැර ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා පසුගිය 2021 වර්ෂයේද ලක්ෂ 4කට වැඩි පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබාගෙන තිබූ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලාංකිකයන් රට රැකියා සඳහා යෑම සියයට 136කින් ඉහළ ගොස් ඇතැයිද ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

ලක්ෂ තුනකට වැඩි පිරිසක් පසුගිය වසරේදී අධ්‍යාපනය සඳහා විදේශ විශ්වවිද්‍යාලයන්ට ගොස් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා මේ හේතුවෙන්ද විශාල මුදල් ප්‍රමාණයක් රටට අහිමිවූ බව අනාවරණය කළේය.

මේ ආකාරයට බුද්ධි ගලනය සිදුවීම රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් බවත් බුද්ධි ගලනය වැලැක්වීමට රජය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *