එකඟ වූ පරිදි වගකිවයුතු ආයතන කටයුතු නොකළහොත් අධිකරණයට – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිසම හමුවට

මහජන ආරක්ෂක ඇමති මානව හිමිකම් කොමිසම හමුවට

අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ අඛණ්ඩව විදුලිය සැපයීමට එකඟ වූ පරිදි වගකිවයුතු ආයතන කටයුතු නොකළහොත් ‘කොමිෂන් සභා අධිකාරියට විරුද්ධව හෝ ඊට අගෞරව වන පරිදි අපහාස කිරීමේ වරදට’ ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාව අදාළ සමථයට පත්වූ ආයතන බවත්, එම ආයතන (26)වැනි දා පස්වරු 4.00ට පෙර ඒ අනුව ක්‍රියාකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට වාර්තා කළ යුතුව තිබූ බවත් එම කොමිසම නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *