ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවතියි – ශ්‍රී ලංකා මහ බැංකුව
වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ඒ අනුව, බැංකු මහ බැංකුවේ කරනු ලබන තැන්පතු සඳහා කරනු ලබන පොලිය හෙවත් නිත්‍ය තැන්පතු අනුපාතිකය 14.5%ක් ලෙස තවදුරටත් පවතිනු ඇති.
මහ බැංකුව බැංකු සඳහා ණය සැපයීමේදී අයකරනු ලබන පොලී අනුපාතිකය හෙවත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 15.5 %ක් ලෙසත් තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ ය.
රටේ වත්මන් ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් පවත්වාගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.