A/L විභාගය (2022) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක්
2026 උසස් පෙළ විභාගය කල්දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යංශය
අපොස උසස් පෙළ විභාගය (2022) වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන හතරක් ස්ථාපිත කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා (18) පැවසීය.
බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේද, විශේෂ අවශ්‍යතා ඇති විභාග අපේක්‍ෂකයන් සඳහා රත්මලාන සහ තංගල්ලේද, මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් එම රෝහලේද, විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති බවත් එම මධ්‍යස්ථාන හතරත් සමගින් මෙවර විභාගය මධ්‍යස්ථාන 2200ක පැවැත්වෙන බවත් ජයසුන්දර මහතා කීය.
මෙවර විභාගය සඳහා පාසල් අපේක්‍ෂකයන් 278,196ක් සහ පෞද්ගලික අපේක්‍ෂකයන් 53,513ක් සමඟ සම්පූර්ණ අපේක්‍ෂකයන් 331,709ක් සහභාගි වීමට නියමිත බව කී විභාග කොමසාරිස් ජනරාල්වරයා විභාගය සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 317ක් මගින් ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.
මෙවර අපොස උසස් පෙළ විභාගය ලබන 23වැනිදා සිට පෙරවාරි මස 17 වැනිදා දක්වා දින 22ක් පැවැත්වේ.




