මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා 2ක් සමඟ සැකකරුවන් 10ක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා 2ක් සමඟ සැකකරුවන් 10ක් නාවික හමුදා භාරයට

මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා 2ක් සමඟ සැකකරුවන් 10ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට බටහිර මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රා දෙකක් (02) සමඟ සැකකරුවන් දහයක් (10) නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම බහුදින ධීවර යාත්‍රා සහ සැකකරුවන් (16) කොළඹ වරායට රැගෙන ඒමට ක‍ටයුතු කළ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

පසුගිය 05 වන දින බේරුවල ප්‍රදේශයට බටහිර මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 23 යි ග්‍රෑම් 235 තොගයක් සමඟ අත්අඩංගුවට ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් ගෙන් අනාවරණය කර ගත් තොරතුරු මතයි මෙම වැටලීම සිදුකර තිබුණේ.

එම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් අනාවරණය වූ තොරතුරුවලට අනුව ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ ගැඹුරු මුහුදේදී මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන බවට සැකකෙරෙන දේශීය බහුදින ධීවර යාත්‍රා දෙක පසුගිය 07 සහ 08 දිනයන්හීදී ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාව මඟින් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එහිදී සිදුකළ පරික්‍ෂාවේදී, එම බහුදින ධීවර යාත්‍රා වෙත ගැඹුරු මුහුදේදී හුවමාරු කරගත් මත්ද්‍රව්‍ය නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මුහුදු බත් කළ බවට සැකකරුවන් ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ එම සැකකරුවන් විසින් පිළිගත් බවද නාවික හමුදාව ප්‍රකාශ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *