හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ අක්කර 23ක් පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වෙයි

හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ අක්කර 23ක් පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වෙයි

හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ අක්කර 23ක් පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වෙයි

හැටන් වන අඩවි කාර්යාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ පිහිටි යුකෙලෙප්ස්ටික් වන වගා රක්ෂිතයේ (13) උදෑසන ගින්නක් හටගෙන තිබෙයි

ගින්නෙන් අක්කර 23ක් පමණ භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි ඇති බව මේ වන විට වාර්තා වෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග හැටන් රුවන්පුර මාර්ගයේ ගමන් ගන්නා කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරින් සැකකරයි.

වන වගා රක්ෂිතයට ගිනි තැබිමෙන් පසු වන වගා රක්ෂිතයේ වගා කර ඇති යුකෙලෙප්ස්ටික් ගස් වියළි යන බවත්, පසුව එම වියළි ගිය ගස් දර ලෙස භාවිතා කිරිම සදහා මෙසේ රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි රුවන්පුර ජන පදයේ පදිංචිකරුවන් කියා සිටියි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *