පුජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම් – ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

පුජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම් - ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

පුජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම් - ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව

මේ වසරේදී පුජා භූමි 26ක් ගැසට් කිරීමට සැලසුම්කර ඇතැයි ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව තිස්සව රජමහා විහාරය, වෙල්ගම් වෙහෙර රජ මහා විහාරය, මහසෙන් රජ මහා විහාරය, මැදගොඩ සිද්ධ පත්තිනි දේවාලය, බියගම සුධර්මාරාම මහා විහාරය, පැපිලියාන සුනේත්‍රා මහාදේවි පිරිවෙන, කඹලෑව ඇඹව ශ්‍රී සුධර්මාරාමය, පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරය, කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම රජමහා විහාරය, කප්පින්න මහා විහාරය, මාගල්ල කච්චිවත්ත පුරාණ රජ මහා විහාරය, බුද්ධියාගම සීගල රජ මහා විහාරය, ගංගොඩවිල ශ්‍රී විජයාරාම විහාරය, රත්මලාන පුෂ්පාරාමය, අස්ගිරිය පුරාණ රජ මහා විහාරය, මදුරාවෙල බැල්ලපිටිය විද්‍යාසේකර පිරිවෙන, පොතුවිල් මුහුදු මහා විහාරය, මහසෙන් රජ මහා විහාරය, බුදුරුවයාය රජ මහා විහාරය, ඓතිහාසික පුරාණ හබරණ ටැම්පිට විහාරය, සෝමාවතිය රජමහා විහාරය, කන්දෙගම ධංනජය රජ මහා විහාරය, කන්දෙගම නාමළුව සිංහගිරි රජ මහා විහාරය, බිබිල ඓතිහාසික කොටසර පියංගල රජමහා විහාරය, මානියම්ගම රජ මහා විහාරය එලෙස පූජා භූමි ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය සඳහන් කරන්නේ පසුගිය වසරේදී පූජා භූමි 16ක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති බවයි.

අරිසිමලය රජමහා විහාරය, නාගලෙන රජ මහා විහාරය, බඹරගල ආරණ්‍ය සේනාසනය, ඇතා නැගි කන්ද රජ මහා විහාරය, සංඛමලේ පුරාණ රජ මහා විහාරය, අම්පාර පියංගල රජ මහා විහාරය, මඟුල් මහා විහාරය, නාගදීප රාජ මහා විහාරය, කූරගල රජමහා විහාරය, ගිරිවුල්ල මැද්දේපොළ රජ මහා විහාරය, නිකසලානුවර රජ මහා විහාරය, හුණුපිටිය ගංඟාරාම විහාරය, කොටහේන පරාමානන්ද විහාරය, කෑරගල පත්මාවතී පිරිවෙන් විහාරය, ලුණුගම සිරි පැරකුම් විහාරය, මහියංගනය රජ මහා විහාරය ඉකුත් වසරේදී ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති පූජා භූමි වේ.

මේ වනවිට මෙරට පුජා භූමි 101 ක් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. 1961 ඔක්තෝම්බර් 16 දින කතරගම මෙරට පළමු පූජා භූමිය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර පසුගිය මාසයේ 23වැනිදා මෙරට 101 වැනි පුජා භූමිය ලෙස මහියංගනය රජ මහා විහාරය ගැසට් මඟින් ප්‍රකාශයට පත් කෙරිණ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ පූජා භූමි ප්‍රකාශයට පත් කිරීමේදී නිර්ණායක 03ක් අනුව එය සිදු කෙරෙන බවයි. ජාතික වශයෙන් කාලපීය වශයෙන් හා ප්‍රාදේශීය වශයෙන් වැදගත් වන ස්ථාන මෙලෙස තෝරා ගැනේ.

පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස මේ වනවිට ලැබී ඇති ඉල්ලීම් අධ්‍යයනය කරමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙත දැනටමත් උපදෙස් දී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

පූජා භූමි ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශ අනුමැතියද මිනින්දෝරු සැලැස්මද ඊට අත්‍යාවශ්‍ය බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *