බ්‍රිතාන්‍යයේ තනි භාවිතයට ගැනෙන ප්ලාස්ටික් තහනමක්

බ්‍රිතාන්‍යයේ තනි භාවිතයට ගැනෙන ප්ලාස්ටික් තහනමක්

බ්‍රිතාන්‍යයේ තනි භාවිතයට ගැනෙන ප්ලාස්ටික් තහනමක්

බ්‍රිතාන්‍යයේ තනි භාවිතයට ගැනෙන ප්ලාස්ටික් ආහාර බහාලුම් සහ ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු තහනම් කරන බව එරට රජය නිවේදනය කර ඇතැයි BBC පුවත් සේවය වාර්තා කර ඇත.

මේ තහනම ක්‍රියාත්මක වන දිනය ප්‍රකාශ කර නැති අතර, ඉතා ඉක්මනින් එය සිදුවනු ඇතැයි ද වාර්තා වේ. දැනටමත් ස්කොට්ලන්තයේ සහ වේල්ස් හි මෙම තහනම ක්‍රියාත්මක වන බව ද BBC පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කර ඇත.

එරට රජයේ සංඛ්‍යාලේඛනවලට අනුව සෑම වසරකම බ්‍රිතාන්‍යයේ තනි භාවිත ආහාර බහාලුම් බිලියන 1.1ක් සහ ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු බිලියන 4කට වඩා භාවිත කෙරෙන අතර, ප්ලාස්ටික් අපද්‍රව්‍ය දිරාපත් නොවී වසර ගණනාවක් පවතින බවද සමීක්ෂණ මගින් අනාවරණය වී තිබේ.

පරිසරය ආරක්ෂා කිරීමට සහ අනාගත පරම්පරාව වෙනුවෙන් මේ තීරණය ගෙන ඇතැයි වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *