“ෆැසෙට්ස් ශ්‍රි ලංකා” මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කරයි

"ෆැසෙට්ස් ශ්‍රි ලංකා" මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කරයි

"ෆැසෙට්ස් ශ්‍රි ලංකා" මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කරයි

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ සන්නාමය ලොවට ගෙන යන ෆැසෙට්ස් ශ්‍රී ලංකා (FACETS SRI LANKA) ප්‍රදර්ශනය දෙවසරක නිහැඬියාවෙන් පසු 2023 ජනවාරි මස 7 වනදා සිට 9 වනදා තෙක් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙවර Facets Sri Lanka 2023 මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ලොව වටා සිටින වෙළඳ සංචාරකයන්, ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් ආකර්ශනය වෙනුවෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කෙරේ.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ හවුල්කාරීත්වයෙන්, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය විසින් ෆැසෙට්ස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය සංවිධානය කෙරේ. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෙම ප්‍ර‍ර්ශනය සඳහා ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහභාගී කර ගැනීමට අවශ්‍ය ප්‍ර‍චාරණ කටයුතු සිදු කරමින් ප්‍ර‍දර්ශනය සඳහා සහයෝගය පළ කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *