ඉන්දියාවේ පළමු ඩිජිටල් විශ්වවිද්‍යාලය ආරම්භ කරයි

නව වසරේදී ඉන්දීය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමුවරට ඩිජිටල් විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය. එරට අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සියලු පාර්ශ්ව සමඟ සමීප සහයෝගයෙන් මේ විශ්වවිද්‍යාලය පිහිටුවීමට ඉන්දීය රජය කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

ඉන්දියාව පුරා පිහිටි සියලුම උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල එම ඩිජිටල් විශ්වවිද්‍යාලය සමඟ අනුබද්ධ වන බව ද එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මේ සඳහා අයැදුම්පත් භාර ගැනීම ‘ඔන්ලයින්‘ ක්‍රමවේදයට අනුව සිදුකෙරෙන අතර, සිසු සිසුවියන් බඳවා ගනු ලබන්නේ ද එවැනිම ‘ඔන්ලයින්‘ ක්‍රමවේදයක් ඔස්සේය. ඉගැන්වීම් සහ සිසුසිසුවියන්ගේ ඇගයීමේ ක්‍රමය ද ඒ අනුව සිදු කෙරේ. මේ සඳහා සිසුසිසුවියන්ට එරට අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රවේශ මාර්ගය වන ‘ස්වයම්‘ නමැති ‘ඔන්ලයින්‘ මාර්ගය ඔස්සේ මාර්ගගත අධ්‍යාපනය හදාරමින් පාඨමාලා සම්පූර්ණ කිරීමේ හැකියාව ඇතැයි ද වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *