ශ්රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා සුදානම් කළ මත් කරල් ලක්ෂ 6ක් තමිල්නාඩු පොලීස් අත්අඩංගුවට

කෝටි 10ක නීති විරෝධී මත්කරල් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
ශ්රී ලංකාවට ජාවාරම් කිරීම සඳහා සුදානම් කර තිබූ මත් කරල් ලක්ෂ 6ක් අත්අඩංගුවට ගැනීමට තමිල්නාඩු පොලිසිය සමත්ව ඇත.
රාමනාතපුරම් හි වේදලායි ගම්මානය අසල වෙරළේ තිබූ බෝට්ටුවක මෙම මත්පෙති තොගය ශ්රී ලංකාවට එවීම සඳහා සඟවා තිබී ඇත.
මත් කරල් තොගය ජාවාරම් කිරීමට උත්සාහ කළ ජාවාරම්කරුවන් සොයා තමිල්නාඩු පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇති බව තමිල්නාඩු පොලිසිය ප්රකාශ කර තිබේ.
එසේම ජාවාරම් මැඩ පැවැත්වීම සඳහා අපරාධ විමර්ශන ඒකකය වෙරළබඩ ප්රදේශවල සිදුකරන සෝදිසි මෙහෙයුම් වැඩිකර ඇතැයි තමිල්නාඩු පොලිසිය පවසා ඇත.