දෙමළ ජාතික සන්ධානය නිවස ලාංඡනයෙන්, ලංකා කම්කරු කොන්ග්‍රසය කුකුලා ලංජනයෙන් පළාත් පාලන මැතිවරණයට

දෙමළ ජාතික සන්ධානය නිවස ලාංඡනයෙන්; ලංකා කම්කරු කොන්ග්‍රසය කුකුලා ලංජනයෙන් පළාත් පාලන මැතිවරණයට

දෙමළ ජාතික සන්ධානය නිවස ලාංඡනයෙන්; ලංකා කම්කරු කොන්ග්‍රසය කුකුලා ලංජනයෙන් පළාත් පාලන මැතිවරණයට

දෙමළ ජාතික සන්ධානය එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් මැතිවරණයට තරඟ කරන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් මහතා පැවසීය.

ඒ මහතා පැවසුවේ පසුගිය මැතිවරණවලදිත් දෙමළ ජාතික සන්ධානයේ සියලුම සාමාජික පක්ෂ එම පක්ෂයේ ප්‍රධාන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිවස ලාංඡනයෙන් මැතිවරණවලට ඉදිරිපත් වු බවත් එයාකාරයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයටත් තරඟ කරන බවත්ය.

ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ මධ්‍යම කාරක සභාව (07) මඩකළපුව කලවංචිකුඩියේදි රැස්වීමට නියමිතය.

ශ්‍රීධරන් මහතා පැවසුවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදීත් මේ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි.

දෙමළ ජාතික සන්ධානය ඉලංගෙයි තමිල් අරසු කච්චි, ප්ලොට්, ටෙලෝ පක්ෂ වලින් සමන්විතය.

මේ අතර පළාත් පාලන මැතිවරණයේදි ලංකා කම්කරු කොන්ග්‍රසය කුකුලා ලංජනයෙන් තරග කිරිමට එකගතාවයකට පැමිණ ඇති බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ‍ජ්‍යෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් මහතා පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ මහ ලේකම් පා.ම ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ නායකයින් සහ පළාත් පාලන ආයතන වලට තරග කරන අපෙක්ෂකයන් සමග කොළඹදි පැවති විශේෂ සාකච්ඡාවකදි මෙම එකගතාවයට පැමිණි බවයි කනපති කනගරාජ් මහතා කියා සිටියේ.

කුකුලා ලාංජනයෙන් දිගු කාලයක් මැතිවරණවලට ඉදිරිපත් නොවු බවත්, පළාත් පාලන මැතිවරණයේදි කුකුලා ලංජනයෙන් තරඟ නොකල නිසා තම පක්ෂයේ වත්මන් තත්ත්වය තහවුරු කරගත හැකි බවත්, කුකුලා ලංජනයෙන් තරග කිරිම තුලින් පළාත් පාලන මැතිවරණයේදි තරග කරන අනෙකුත් ප්‍රධාන පක්ෂවලට ජන්ද ලැබිමේ ප්‍රතිශතයක් අඩුවන බවයි කනපති කනගරාජ් මහතා කියා සිටින්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *