පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18 – 21දක්වා

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

රු. එක්කෝටි විසි අට ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ විනාශ වීමට ඉඩහැරලා

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ලබන 18වනදා සිට 21වනදා දහවල් 12.00 දක්වා සිදුකරන බව මැතිවරණ කොමිසම පවසයි.

එහි කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, ඇප මුදල් තැන්පත් කිරීම සඳහා ලබන 20වනදා දහවල් 12 දක්වා අවස්ථාව පවතින බවයි.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් මේ වන විට නිකුත් කර ඇති බවද, ඔහු ප්‍රකාශ කළේය.

අදාළ දැන්වීමේ, නාමයෝජනා භාර ගන්නා දිනය, ස්ථානය, ඇප මුදල් සම්බන්ධ විස්තර, අපේක්ෂයින් සංඛ්‍යාව, කාන්තා නියෝජනය ඇතුළු කරුණු ඇතුළත් වනවා.

පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාමයෝජනා කැඳවීමේ දැන්වීම නිකුත් වනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *