රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කිරීමට නව සමාගමක්

2022 ඔක්තෝබර් වන විට ඉතිහාසයේ පළමු වරට සමස්ත නොපියවූ රාජ්‍ය ණය රු. බිලියන 25,000ක්

2022 ඔක්තෝබර් වන විට ඉතිහාසයේ පළමු වරට සමස්ත නොපියවූ රාජ්‍ය ණය රු. බිලියන 25,000ක්

2022 අතුරු අයවැය මෙන්ම 2023 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමේදී ද රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන යෝජනාව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව, දැනටමත් රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය ස්ථාපිත කරනු ලැබ ඇත.

ප්‍රතිව්‍යුගතකරණය කිරීම සඳහා අපේක්ෂිත ආයතන අතුරින් ඇතැම් ආයතන රජය සතු සමාගම් වන අතර එවැනි ඇතැම් සමාගම්වල බහුතර කොටස් රජය සතුව පවතී.

එසේම, සමහර රාජ්‍ය ව්‍යවසායයන් සංස්ථා වශයෙන් ක්‍රියාත්මක වේ. එම තත්ත්වය යටතේ රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන කඩිනම් කිරීමට හැකිවන පරිදි 100%ක කොටස් හිමිකාරීත්වය භාණ්ඩාගාරයේ ලේකම් සතු වන අයුරින් මහා භාණ්ඩාගාරයට අනුබද්ධිත මව් සමාගමක් ස්ථාපිත කිරීමටත්, ප්‍රතිව්‍යුගතකරණය සඳහා හඳුනාගනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් එකී මව් සමාගමට අනුබද්ධිත සමාගම් ලෙස ලියාපදිංචි කිරීමටත් අවශ්‍ය විදිවිධාන සැලසීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *