මෙට්‍රික්ටොන් 720,000ක ගල්අඟුරු ටෙන්ඩරය ඉන්දුනීසියානු සමාගමකට

ගල්අඟරු නෞකා 13ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කරයි
ශ්‍රී ලංකාවට ගල්අඟුරු මෙට්‍රික්ටොන් 720,000ක් සැපයීම සඳහා ඉන්දුනිසියානු සමාගමක් වන ‘ඇරිස්ටම් මිට්‍රා’ සමාගමට ටෙන්ඩරය ප්‍රදානය කළ බවත් එම සමාගම ලබන පෙබරවාරි මස සිට නෞකා 12ක් ලෙස ගල්අඟුරු සැපයීම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ෂෙහාන් සුමනසේකර මහතා (27) ප්‍රකාශකර ඇත.
ගල්අඟුරු සැපයීම සඳහා සැපයුම්කරුවන් 9ක් මිල ගණනන් ඉදිරිපත් කර තිබූ බව කී සුමනසේකර මහතා ඒ අතරින් ශ්‍රී ලංකාවට ණය කාලයක් දෙන අඩුම මිල ඉදිරිපත් කර තිබූ එම සමාගමට සැපයුම් අවස්ථාව පිරිනැමූ බවට සඳහන් කරයි.