මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක් සහ ඩො. මි 5ක දඩයක්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක් සහ ඩො. මි 5ක දඩයක්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක් සහ ඩො. මි 5ක දඩයක්

මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන්ට වසර 11ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 5ක දඩයක් නියම කර තිබේ.
ඒ, පෞද්ගලික සමාගමකින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙනි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හිටපු ජනාධිපතිවරයා ඔහුට එල්ල වූ චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇති බවයි.

2018 වසරේදී ඔහුට බලය අහිමිවුවද මීළඟ වසරේ මැතිවරණය සඳහා මාලදිවයිනේ ප්‍රගතිශීලි පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු මේ වනවිටත් නම් කර තිබෙන අතර මීට පෙර 2019 දී ඔහුට වසර 05ක සිර දඬුවමක් සහ ඩොලර් මිලියන 05ක දඩයක් නියම කෙරිණි.

ඒ, රාජ්‍ය අරමුදල් ඩොලර් මිලියනයක් අවභාවිත කිරීම සම්බන්ධයෙනි. කෙසේ වෙතත් ඔහු නිවාස අඩස්සියේ තබා මාස කිහිපයකට පසු නිදහස් කෙරිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *