ශ්‍රී ලංකා තේ මණ්ඩලය පනතේ විධිවිධාන පැහැර හැරලා! මුදල් වෙන ගිණුම්වලට බැර කරලා!

ශ්‍රී ලංකා තේ මණ්ඩලය විධිවිධාන, බඳවා ගැනීමේ පටිපාටි පැහැර හැරලා

ශ්‍රී ලංකා තේ මණ්ඩලය විධිවිධාන, බඳවා ගැනීමේ පටිපාටි පැහැර හැරලා

ශ්‍රී ලංකා තේ මණ්ඩලය 2020 වර්ෂයේදී කෝටි 741ක මුදලක් අදාල අමාත්‍යවරයාගේ හෝ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ලබා නොගෙන ස්ථාවර හා කෙටි කාලීන තැන්පතුවල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.

මේ අතර පනතේ විධිවිධාන ප්‍රකාරව සෙස් බදු තේ මණ්ඩලයේ අරමුදලක බැර කළ යුතු නමුත් එම විධිවිධානවලට අනුගත නොවී මහ භාණ්ඩාගාරයට බැර කර තිබුණු බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

ප්‍රචාරණ වෘත්තිය උපදේශකවරයකු වශයෙන් හිටපු අධ්‍යක්ෂ වරයකු බඳවා ගෙන දීමනා වශයෙන් රුපියල් දහ අට ලක්ෂයකට වැඩි මුදලක් 2020 වර්ෂයේදී ගෙවා තිබූ බව පවසන එම කාර්යාලය අනුමත බඳවා ගැනීමේ පටිපාටිය තුළ හෝ වෙනත් චක්‍රලේඛයක කිසිදු විධිවිධානයක් නොතිබියදී අධ්‍යක්ෂ මණ්ඩලය මොහු මෙලෙස සේවයට බඳවා ගෙන තිබූ බවද ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *