කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී නව දැළක්

කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී නව දැළක්

කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී නව දැළක්

සතුන් දඩයම් කිරීමේ අරමුණින් විවිධ පුද්ගලයන් විසින් අටවන ලද මඳු හා උගුල්වලින් කඳුකර කොටින්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා වනජීවි දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂාකාරී නව දැළක් අත්හදා බැලීම (23) නුවරඑළිය ගැල්වෙස්ටර් වතුයායේ දී සිදු කරනු ලැබීය.

කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගිත්වයෙන් මෙම ආරක්ෂිත දැළ අත්හදා බැලීම සිදු විය.

පසුගිය කාලය තුළ දඩයක්කරුවන් විසින් අටවන ලද මඳු හා උගුල්වලට හසු වූ කඳුකර කොටි බේරා ගැනීමට යාමේ දී එම සතුන්ගේ ජීවිත බොහෝ විට ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව නම් උගුල්වලට හසුවී සිටි එම සතුන් ප්‍රචණ්ඩකාරී නිසා වනජීවි නිලධාරින්ට ප්‍රහාර එල්ල කිරීමයි.

මේ නිසා කඳුකර කොටින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා නව ආරක්ෂිත වැඩ පිළිවෙළක් අත්හදා බලන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවි දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිනි.

මෙම වසරේ ගත වූ කාලය තුළ කඳුකර කොටින් 06 දෙනෙක් පමණ මිනිසුන් විසින් අටවන ලද මඳුවලට හසුවීම නිසා මරණයට පත් වී තිබේ.එමෙන්ම තවත් පස්දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට වනජීවි නිලධාරීන්ට හැකි විය.

2001- සිට 2021 දක්වා කාලය තුළ මෙරට කොටි 145ක් මරා දමා ඇති අතර ඉන් 72%ක්ම වාර්තා වන්නේ මධ්‍යම කදුකරයෙනි. 2020 සිට 2021 වසර දක්වා මරා දමා ඇති කොටි ප්‍රමාණය 17කි. වාර්තා වන පරිදි මේ වනවිට ශ්‍රී ලංකාවේ කොටිගහනය 600ක් පමණ වේ. මෙතෙක් සිදුව ඇති කොටි මරා දැමීම්වලින් 71%ක්ම මිනිසුන් විසින් සතුන් මරා දැමීම ඉළක්ක කරමින් අටවන ලද උගුල්වලට කොටි හසුවීම නිසා සිදු වු මරණ වේ. මධ්‍යම කඳුකරයේ සංචාරක ආකර්ෂණයට හේතු වී ඇති කඳුකර කොටි හා ගෝනුන් ආරක්ශා කර ගැනීම සඳහා මහජනතාව හා නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන් අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. විශේෂයෙන් කදුකර කොටි සම්බන්ධව මහජනතාව තුළ පවතින බිය හා නිරන්තරයෙන් එම සතුන් මරා දැමීමට උත්සාහ කිරීම් නිසා අනාගතයේ දී මෙම සත්වයා මධ්‍යම කදුකරයෙන් තුරන්වීමට හැකියාවක් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමනිසා මෙම කොටින් ආරක්ෂා කර ගැනීම ආර්ථික වශයෙන් ඵලදායි වන බවත්, විශේෂයෙන් බෝගවලට හානි කරන සතුන් ගොදුරු කර ගන්නා විලෝපිතයෙක් වශයෙන් කඳුකර කොටියා සැළකිය යුතු බවත් මෙහිදී නිලධාරිහු පෙන්වා දුන්හ. එමනිසා කඳුකර කොටි ජාතික සම්පතක් ලෙස සළකා කටයුතු කිරීමට පියවර ගත යුතු බවත්, විශේෂයෙන් කඳුකරයේ අනෙකුත් සතුන් ඇල්ලීමට උගුල් ඇටවීම හා මඳු ගැසීම වළක්වාලීමට මහජනතාව දැනුම්වත් කිරීම සම්බන්ධව ද මෙහිදී සාකච්ඡා කරනු ලැබීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *