බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ විෂමාචාර චෝදනාවලට අදාළව සිසුන් 30කට තාවකාලික පන්ති තහනමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ විෂමාචාර චෝදනාවලට අදාළව සිසුන් 30කගේ තාවකාලික පන්ති තහනමක්

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ විෂමාචාර චෝදනාවලට අදාළව සිසුන් 30කගේ තාවකාලික පන්ති තහනමක්

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය තුළ මත්පැන් පානය කිරීම ඇතුළු විෂමාචාර චෝදනාවලට අදාළව සිසුන් 30 දෙනෙකුගේ පන්ති තාවකාලිකව තහනම් කළ බව එම විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය, පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීම පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහානායක හිමිවරුන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය. එම අවස්ථාවට උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුරේන් රාඝවන් මහතා ද එක්වී සිටියේය.

උප කුලපති හිමියන් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් බැහැ දැක සරසවියේ සිදුවීම් පිළිබඳ දැනුවත් කර තිබුණි. පසුව උන්වහන්සේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් ද බැහැදැක කරුණු පැහැදිලි කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ පූජ්‍ය නෙළුවේ සුමනවංශ හිමියන්,

“මේක අද ඊයේ පටන් ගත්ත එකක් නෙමෙයි නායක හාමුදුරුවනේ. දීර්ඝ කාලයක ඉඳලා එන දේවල් තමයි මේවෙනකොට උග්‍ර වෙලා… මාධ්‍යවලින් ලොකු ප්‍රචාරයක් දීලා තියෙනවා. මුළු රටේම විශ්වවිද්‍යාලවල පාසල්වල විනය පිරිහිලා.”

නවකවදය සහ විනය විරෝධී ක්‍රියා පිළිබඳ එල්ලවූ චෝදනා මත හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පසුගිය 19 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමුණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *