කාබනික විමෝචනය අවම කිරීමේ ඉලක්කයන් ළගාකර ගැනීමට කිසිදු රටක් සමත්වී නෑ – ජගත් සංවිධාන මහ ලේකම්

කාබනික විමෝචනය අවම කිරීමේ ඉලක්කයන් ළගාකර ගැනීමට කිසිදු රටක් සමත්වී නෑ - ජගත් සංවිධාන මහ ලේකම්

කාබනික විමෝචනය අවම කිරීමේ ඉලක්කයන් ළගාකර ගැනීමට කිසිදු රටක් සමත්වී නෑ - ජගත් සංවිධාන මහ ලේකම්

කාබනික විමෝචනය අවම කිරීමට ලබාදුන් ඉලක්කයන් ළගාකර ගැනීමට කිසිදු රටක් සමත්වී නොමැති බවට ජගත් සංවිධාන ප්‍රධානියා චෝදනා කරනවා.

ජගත් සංවිධාන මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් පවසන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සෙල්සියස් අංශක එකයි දශම පහක අගයේ තබා ගැනීමට ලබාදුන් ඉලක්කය සපුරා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවයි. 2023 වසරේ දේශගුණික විපර්යාස පිළිබද සමුළුවේ දී අදාළ ඉලක්කයන් සපුරා ගැනීම සම්බන්ධයෙන් ලොව සෑම රටක්ම තම ප්‍රමුඛතාව ලබාදීම අනිවාර්ය බව ඔහු පෙන්වා දෙනවා.

වසර අවසාන මාධ්‍ය හමුවකට එක්වෙමින් ජගත් මහ ලේකම්වරයා තවදුරටත් කියාසිටියේ ලෝකය වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බවයි. ලබන වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත සමුළුවේදී කාබන් විමෝචනය අවම කිරීම හා පොසිල ඉන්ධන නිකුත් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *