වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට කැඳවීම මාධ්‍ය මර්දනයක් නොවේ! – අමාත්‍ය බන්දුල ගුණවර්ධන

වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට කැඳවීම මාධ්‍ය මර්දනයක් නොවේ

වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට කැඳවීම මාධ්‍ය මර්දනයක් නොවේ

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුවට කිසියම් මාධ්‍ය ආයතනයක් හෝ පුද්ගලයකු කැඳවීම පාර්ලිමේන්තු සම්ප්‍රදායය තුළ පවතින වරප්‍රසාද සම්බන්ධ ගැටලුවක් පමණක් බවත්, එසේ කැඳවීම මාධ්‍ය මර්දනය කිරීමට උත්සාහ දැරීමක් නොවන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අධිකරණයට විශේෂිත බලතල වගකීම් තිබෙන බවත්, අධිකරණ තීරණ ප්‍රශ්න කිරීම සහ අධිකරණයට අපහස කළ බවට ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගතහැකි බවත්,එසේම පාර්ලිමේන්තුවේ හා එහි මන්ත්‍රීවරුන්ගේ වගකීම් සහ බලතල අනුව ඔවුන්ට හිමි වරප්‍රසාද තිබෙන බවත්, එම වරප්‍රසාද කඩකළ හොත් ඒ සම්බන්ධයෙන් අදාළ සිදුවීමට පාදක වූ අය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා ප්‍රශ්න කිරීමට පාර්ලිමේන්තුවට බලය තිබෙන බවත්, එය ජනමාධ්‍ය මර්දනයක් නොවන බවත්, අමාත්‍යවරයා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ (20)වැනි දා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා, පෞද්ගලික රූපවාහිනී ආයතනයක් පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් විසින් කැඳවන ලද්දේ යැයි සම්බන්ධිත ප්‍රවෘත්තියක් පිළිබඳව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු ලබාදෙමින් මෙලෙස ප්‍රකාශකර සිටියේය.

 

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *