දකුණු මුහුදේ වැටලීමකින් Kg 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් අත්අඩංගුවට

දකුණු මුහුදේ වැටලීමකින් Kg 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් අත්අඩංගුවට

දකුණු මුහුදේ වැටලීමකින් Kg 200කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් අත්අඩංගුවට

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් දකුනු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජ්‍ය බුද්ධි සේවාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමග එක්ව නාවික හමුදාවයි වැටලීම සිදු කළේ.

දිවයිනට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ දි මෙම ඒකාබද්ධ මෙහෙයුම සිදු කෙරුණා. එහිදී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රා දෙකක් සමග සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් ඒ අතර වන බවයි නාවික හමුදාව පවසන්නේ.

නාවික හමුදාවේ සමුදුර නෞකාව දකුණු මුහුදේ දින ගණනාවක් සිදු කළ මෙහෙයුමකට අනුවයි මෙම මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් අත්ඩංගුවට ගැනිමට හැකි වුයේ. ඒ දෙවුන්දර තුඩුවට ඔබ්බෙන් වු ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබූ සැක කටයුතු ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුවයි.

මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනා මේ වන විට ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව පවසනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *