නියමිත ප්‍රමිතියෙන් තොර “පොලිතීන් ලන්ච් ෂීට්” KG 2,150ක් අත්අඩංගුවට

නියමිත ප්‍රමිතියෙන් තොර “පොලිතීන් ලන්ච් ෂීට්” KG 2,150ක් අත්අඩංගුවට

නියමිත ප්‍රමිතියෙන් තොර “පොලිතීන් ලන්ච් ෂීට්” KG 2,150ක් අත්අඩංගුවට

කැස්බෑව, ජඹුරලිය, බටුවන්දර ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වටලා නීති විරෝධී ලෙස නිපදවූ නියමිත ප්‍රමිතියෙන් තොර “පොලිතීන් ලන්ච් ෂීට්” කිලෝග්‍රෑම් 2,150ක (ටොන් 2ක) පමණ තොගයක් අත්අඩංගුවට ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මධ්‍යම පරිසර අධිකාරිය මගින් පරිසර පොලිස් ඒකකය සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සමඟ ඒකාබද්ධව, මෙම වැටලීම සිදුකළ බවත් එහිදී පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් මෙම පොලිතින් තොගය අත්අඩංගුවට ගත් බවත් එම අධිකාරිය සඳහන් කරයි.

මෙම කර්මාන්තකරුට එරෙහිව ජාතික පාරිසරික පනතේ විධිවිධාන යටතේ නීතිමය පියවර ගැනීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කරන බවද එහි ප්‍රකාශකයකු පැවසීය.

ග්‍රෑම්20 හෝ මිලිලීටර් 20ට අඩු සැෂේ පැකට්, හුලං පුරවන ලද සෙල්ලම් බඩු, ප්ලාස්ටික් කූර සහිත කොට්න් බඩ්ස් සහ මයික්‍රෝන 20ට අඩු පොලිතීන් නිෂ්පාදන විකිනීම, නිෂ්පාදනය සහ භාවිතය ජාතික පාරිසරික පනත යටතේ තහනම් කර ඇති අතර එය කඩකරන්නන් සොයා මධ්‍යම පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් අඛණ්ඩව වැටලීම් සිදුකරන බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *