වියට්නාම වාර්ෂික ජාත්‍යන්තර ආහාර උළෙලට ශ්‍රී ලංකාවේ ආහාර සහ උණුසුම් ආගන්තුක සත්කාර

වියට්නාම වාර්ෂික ජාත්‍යන්තර ආහාර උළෙලට ශ්‍රී ලංකාවේ ආහාර සහ උණුසුම් ආගන්තුක සත්කාර

වියට්නාම වාර්ෂික ජාත්‍යන්තර ආහාර උළෙලට ශ්‍රී ලංකාවේ ආහාර සහ උණුසුම් ආගන්තුක සත්කාර

වියට්නාමයේ විදේශ කටයුතු අමාත්‍යශය පසුගිය දින හැනෝයි හිදී සංවිධානය කරන ලද වාර්ෂික ජාත්‍යන්තර ආහාර උළෙලට, වියට්නාමයේ හැනෝයි හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද සහභාගී වී ඇත.

මෙම වාර්ෂික උත්සවයේ 10වැනි හමුවට රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, ජාත්‍යන්තර සංවිධාන, හැනෝයි හි පිහිටි රාජ්‍ය නොවන ජාත්‍යන්තර සංවිධාන, විදේශ කටයුතු අමාත්‍යංශයේ පළාත් කාර්යාල, පළාත් ආණ්ඩු සහ වියට්නාම ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෝ සහභාගී වී ඇත.

මෙම උළෙල අතරතුර පිසින ලද කොත්තු රොටි සහ ආප්ප වැනි සුවිශේෂී ශ්‍රී ලාංකික ආහාරවලින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශන කුටිය මෙම උත්සවයේ ප්‍රධාන ආකර්ෂණීය ස්ථානවලින් එකක් වී තිබිණි.

ඩිල්මා–ලංකා තේ- වියට්නාම් සමාගමද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එහිදී ශ්‍රී ලංකාවේ කෙටි ආහාර සමඟින් ලංකා තේ සංග්‍රහ කෙරිණි.

මෙම ආහාර උළෙල ප්‍රදර්ශන කුටි 131 කින් සමන්විත වූ අතර 5000කට ආසන්න පිරිසක් ඊට සහභාගී විය.

හැනෝයි හි සහ වියට්නාමයේ අනෙකුත් ප්‍රධාන නගර සහ පළාත්වල ශ්‍රී ලාංකික ප්‍රජාව මෙම අවස්ථාවට ක්‍රියාකාරීව සහභාගී වූ අතර ඉතා සාර්ථක ප්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වීම සඳහා ඔවුහු තානාපති කාර්යාලය වෙත සිය නොමසුරු සහය ලබා දී තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *