වසර දෙකකට පසු යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් අරඹයි

වසර දෙකකට පසු යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් (12) සිට

වසර දෙකකට පසු යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් (12) සිට

යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් වසර දෙකකට පසුව යළි (12)වැනි දා සිට ආරම්භ කරන බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව චෙන්නායි ගුවන් තොටුපලේ සිට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල දක්වා මගීන් රැගත් ගුවන් යානයක් හෙට පෙරවරු 10:50ට යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා වන බව යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් වන්සේකර මහතා පැවසීය.

2019දී චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන් ආරම්භ කළද කොරෝනා වසංගත ව්‍යාප්තියත් සමග දෙරට අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබීය.

චෙන්නායි ගුවන් තොටුපලේ සිට එලායන්ස් එයාර් ගුවන් සමාගමට අයත් ගුවන් යානය (12) පෙරවරු 10:50ට පමණ යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වී පැයක පමණ කාලයකින් පසු යළි පෙරවරු 11:50ට චෙන්නායි බලා පිටත් වීමට නියමිත බව පැවසූ මෙහෙයුම් කළමනාකාර ලක්ෂ්මන් මහතා සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වන බවද පැවසීය.

මේ අතර යාපනය ගුවන් තොටුපලේ ගුවන් ගමන යළි ආරම්භ වීමත් සමග ගුවන් තොටුපලෙහි රේගු කටයුතු ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා 14 දෙනෙකු ගෙන් සමන්විත රේගු කාර්ය මණ්ඩලයක් (11)වැනි දා කොළඹින් පිටත්ව ගිය බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක (ප්‍රාදේශීය සේවා) ඩී.ඒ.එම්.ආර්. සාගර මහතා පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *