විදේශ රැකියා ඒජන්සිවලින් වින්දිතයන්ට රුපියල් 34,174,000 අයකර දීලා

0
වසරේ මෙතෙක් විදේශ රැකියා සඳහා පිටත් වූ සංඛ්‍යාව 100,000 ඉක්මවයි

වසරේ මෙතෙක් විදේශ රැකියා සඳහා පිටත් වූ සංඛ්‍යාව 100,000 ඉක්මවයි

වගකීම පැහැර හැරි විදේශ රැකියා ඒජන්සිවලින් වින්දිතයන්ට රුපියල් කෝටි තුනහමාරකට ආසන්න මුදලක් (34,174,000) මෙම වසරේ ගෙවුණු මාස 11යේදී අයකර දීමට හැකි වූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම මුදල පසුගිය වසරට සාපේක්‍ෂව අයකිරීම්වල විශාල ඉහළ යෑමක් බවත් පසුගිය වසරේ රුපියල් 8,945,900ක් අයකරගත් බවත් එම කාර්යංශය සඳහන් කරයි.

විදේශ රැකියා ලබාදීමේදී නියමිත මුදලට වඩා මුදල් අයකිරීම, මුදල් අයකර රැකියා නොදීම සහ විදේශ ගතවූ පසු නියමිත පරිදි රැකියා නොදීම හේතුවෙන් ආපසු ලංකාවට පැමිණීමට සිදුවීම ආදී කරුණු මත මෙම වසරේ ජනවාරි 1 සිට නොවැම්බර් මස 30 දක්වා කාලය තුළ එම කාර්යාංශයේ විමර්ශන අංශයට ලැබුණු පැමිණිලි විභාග කර මෙම මුදල් වින්දිතයන්ට අයකරදීමට කටයුතු කළ බව කී එම කාර්යංශය මෙම කාලසීමාව තුළදී විමර්ශන ඒකකයට ලැබුණු පැමිණිලි 1,080න් පැමිණිලි 614ක් කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතනවලට එරෙහිව ලැබී තිබූ බවද සඳහන් කළේය.

නීති විරෝධී අයුරින් කටයුතු කර ඇති බවට තහවුරු වූ ඒජන්සි 13ක කම්කරු බලපත්‍ර මේ වන විට අවලංගු කර තවදුරටත් පවතින පැමිණිලිවල ස්වභාවය අනුව ඒජන්සි කිහිපයක බලපත්‍ර අවලංගු කිරීමට නියමිත බවත් විදේශ රැකියා ක්ෂේත්‍රය හා සම්බන්ධ නීතිවිරෝධි කටයුතු පිළිබඳව ලැබුණු තොරතුරු අනුව කළ වැටලීම් 26කදී පුද්ගලයන් 75ක් අත්අඩංගුවට ගත් බවත් එම කාර්යංශය කියයි.

මෙම කාලසීමාව තුළදී පැමිණිලි විභාග කළ පැමිණිලි 875ක් විසඳා අවසන් කර ඉන් 205ක් සඳහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කර ඇති බව කී එම කාර්යංශය ඉන් නඩු 115ක් ඒජන්සිවලට එරෙහිව පවරා ඇති බවද වැඩි දුරටත් කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com