පාස්කු ප්‍රහාරයේ සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු දක්වන්න දින දෙයි

0
පාස්කු වින්දිතයින්ට රුපියල් මිලියන 245ක් ගෙවා තිබෙනවා - නීතිපතිවරයා

පාස්කු වින්දිතයින්ට රුපියල් මිලියන 245ක් ගෙවා තිබෙනවා - නීතිපතිවරයා

‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය මෙහෙවූයේ යැයි විශ්වාස කරන සහරාන් හෂීම්ගේ බිරිඳ ෆාතිමා හාදියා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු කිහිප දෙනෙක් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ දුන් සාක්කිවල සහතික පිටපත් නිකුත් නොකිරීමට ලිඛිතව හේතු ජනවාරි මස (05)වැනිදා දක්වන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව පාර්ලිමේන්තු නිලධාරීන්ට දැනුම්දී තිබේ.

සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා, ගපූර් මාමා සහ නවුෆර් මවුලවි යන පුද්ගලයන් පාස්කු කොමිසමට දුන් සාක්‍ෂිවල සහතික පිටපත් මෙහිදී තොරතුරු පනත යටතේ ඉල්ලා තිබේ.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතාගේ යොමු කළ තොරතුරු ඉල්ලීමකට අදාළ අභියාචනයක් කැඳවූ අවස්ථාවේදී කොමිසම මෙම දැනුම්දීම කළ අතර මෙම අභියාචනා විභාගය වූ අවස්ථාවට පාස්කු දින ප්‍රහාරයෙන් පවුලේ සාමාජිකයන් අහිමිවූ වින්දිතයන් කිහිප කිපදෙනෙක් සහ පාස්කු දින ප්‍රහාරය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සටන් කරන සමාජ ක්‍රියාකාරිකයන් කීපදෙනෙක් ද පැමිණ සිටියහ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com