වැය වන මුදලට වඩා අඩක මිලකට චන්ද්‍රිකාවක් ඉන්දියාවේ නිපදවයි

ඉන්දියාවෙන් වැය වන මුදලට වඩා අඩක මිලකට චන්ද්‍රිකාවක්

ඉන්දියාවෙන් වැය වන මුදලට වඩා අඩක මිලකට චන්ද්‍රිකාවක්

සාමාන්‍යයෙන් චන්ද්‍රිකාවක් සදහා වැය වන මුදලට වඩා අඩක මිලකට චන්ද්‍රිකාවක් නිෂ්පාදනය කිරීමට ඉන්දීය පෞද්ගලික සමාගමක් පියවර ගෙන තිබෙනවා.

ඉන්දියාවේ පළමු චන්ද්‍රිකා නිෂ්පාදන පෞද්ගලික සමාගම වන ස්කයි රූට් ආයතනනයයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ. ලබන වසරේ දී ඔවුන් විසින් නිෂ්පාදනය කරන ලද පලමු චන්ද්‍රිකාව උඩුගුවනට යැවීඹට නියමිතයි.

හයිද්‍රාබාද් නගරයේ ක්‍රියාත්මක මෙම සමාගම සඳහා සිංගප්පූරු සමාගමක්ද මුදල් ආයෝජනය කර තිබෙනවා. අන්තර් ජාල සේවාවන් ලබා දීම වෙනුවෙන් මෙම චන්ද්‍රිකා ‌යොදා ගැනීමට නියමිතයි.

ලබන වසරේ පළමු චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමෙන් පසු තමන්ට ලැබෙන ඉල්ලුම ඉහළ යනු ඇති බවයි ස්කයිරූට් සමාගමේ හිමිකරුවෙකු වන පවන් චන්දන් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *