මාසික වැටුපෙන් බැංකු ණය ගෙවන්න අපහසු අයට ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ හැකි – ශ්‍රී ලංකා මහ බැංකුව

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
මාසික වැටුප් ගන්නා අයට බැංකු ණය ගෙවීමේ අපහසුතාවක් තිබේ නම්, ඒ පිළිබඳව අදාළ බැංකු සමග සාකච්ඡා කර ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
යම් ගනුදෙනුකරුවෙකුට ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සිදු නොවේ නම් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවට ඒ පිළිබඳව ඉල්ලීමක් කළ හැකි බව (24)වැනි දා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිනි T.M.J.Y.P. ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබේ.