හමුදාව අත්පත් කරගෙන සිටින දෙමළ වැසියන්ගේ ඉඩම් ඉල්ලා “අන්තර් ජාතික දෙමළ ඊළාම් රජය” එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට

හමුදාව සිටින දෙමළ වැසියන්ගේ ඉඩම් ඉල්ලා "අන්තර් ජාතික දෙමළ ඊළාම් රජය" එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට

හමුදාව සිටින දෙමළ වැසියන්ගේ ඉඩම් ඉල්ලා "අන්තර් ජාතික දෙමළ ඊළාම් රජය" එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට

ශ්‍රී ලංකා හමුදාව අත්පත් කරගෙන සිටින උතුරේ දෙමළ සිවිල් වැසියන්ගේ ඉඩම් නැවත ලබා ගැනීමට සහාය වන ලෙස අන්තර් ජාතික දෙමළ ඊළාම් රජය නම් සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බව නිව්ස් වයර්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

දෙමළ වැසියන්ගේ අක්කර දහස් ගණනක ඉඩම් ශ්‍රී ලංකා හමුදා යුද සමයේදී අත්පත් කරගත් බවත් යුද්ධය අවසන් වී වසර 13ක් ගත වුවද තවමත් එහි නීත්‍යානුකුල අයිතිකරුවන්ට එම ඉඩම් භාර දී නොමැති බවත් එම සංවිධානය පවසා තිබේ.

එම ඉඩම් වල තිබෙන හින්දු දේවාල, පාසැල් කඩා දමමින් හෝටල්, බංගලා,නිවාස සහ බෞද්ධ විහාරස්ථාන ඉදිකරමින් ආරක්ෂක අංශ මෙම ඉඩම් වල උපරිම ප්‍රයෝජනය ගන්නා බවත් එම ප්‍රදේශ වල බෞද්ධයන් ජීවත් නොවන බවත් එම සංවිධානය චෝදනා කර ඇත.

මේ හේතුවෙන් එම ඉඩම් වල අයිතිකරුවන් අවතැන් වී කඳවුරු වල ජීවත් වන බව එම සංවිධානය පවසයි.පසුගිය සතියේ දෙමළ වැසියන්ගේ ඉඩම් නැවත භාරදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක් පැවති බවත් එම විරෝධතාව ආරක්ෂක අංශ විසුරුවා හැරීමට කටයුතු කර ඇති බවත් එම සංවිධානය පවසා තිබේ.

නමුත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පසුගිය දා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියේ හමුදා භාවිතයට ගත් දෙමළ සිවිල් වැසියන්ගේ ඉඩම් සියයට 95 නැවත භාර දී අවසන් බවත් ඉතිරි සියයට 5 ද හැකි ඉක්මණින් භාර දීමට කටයුතු කරන බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *