2025 වසර වන විට ගගනගාමීන් නැවත සඳ මතුපිටට යැවීමේ අරමුණ සහිතව “Artemis I” අභ්‍යවකාශගත කරයි

2025 වසර වන විට ගගනගාමීන් නැවත සඳ මතුපිටට යැවීමේ අරමුණ සහිතව "Artemis I" අභ්‍යවකාශගත කරයි

2025 වසර වන විට ගගනගාමීන් නැවත සඳ මතුපිටට යැවීමේ අරමුණ සහිතව "Artemis I" අභ්‍යවකාශගත කරයි

නාසාහි බලවත්ම රොකට්ටුව වන Artemis I (16) අමෙරිකාවේ ෆ්ලොරිඩාවේ කේප් කැනවරල් සිට සාර්ථක ලෙස අභ්‍යවකාශගත කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ආපසු සඳ තරණය කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස එම රොකට්ටුව අභ්‍යවකාශගත කර ඇති බවය.

ආටෙමිස් රොකට්ටුවේ උස මීටර් 100කි. ආටෙමිස් වැඩසටහනේ දිගුකාලීන ඉලක්කය වන්නේ සඳ මත අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් සහ චන්ද්‍ර කඳවුරක් පිහිටුවීමයි. එමගින් ගගනගාමීන්ට එහි බොහෝ කාලයක් ගත කළ හැකි වනු ඇත. ඉන් පසුව, ඉදිරි වසර 20 තුළ අඟහරු මත මිනිසුන් යැවීමේ ඉලක්කය සමග අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සියට “සඳ සිට අඟහරු” වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Artemis I රොකට්ටුව භාවිත කර සඳ වෙත ඔරියන් කැප්සියුලය යැවීම සිදු කෙරෙන අතර මෙවර පියාසැරිය සඳහා එය කාර්යමණ්ඩලයක් රහිතව අභ්‍යවකාශගත කර ඇත. එහි ප්‍රතිඵල අනුව සියලු දේ නියමිත පරිදි ක්‍රියාත්මක වන්නේ නම්, සඳ මතුපිටට යන අනාගත මෙහෙයුම් සඳහා එමගින් මිනිසුන් යවනු ඇති බව නාසා ආයතනය සඳහන් කර තිබේ.

අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලද Artemis I රොකට්ටුව දියත් කිරීමට උත්සහ කර තිබුණු අතර තාක්ෂණික දෝෂ හේතුවෙන් ඒවා ව්‍යර්ථ විය. වසර 50කට වැඩි කාලයකට පසු ප්‍රථම වතාවට 2025 වසර වන විට ගගනගාමීන් නැවත සඳ මතුපිටට යැවීමට අරමුණ සහිතව නාසා ආයතනය ආටෙමිස් වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *