ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයන් සඳහා අයදුම්පත් කැඳවයි

0
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස අමාත්‍ය විජිත හේරත්

21වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ ව්‍යවස්ථාව අනුව ස්ථාපිත කිරිමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙහි සාමාජිකයන් ලෙස පත් කිරීමට සලකා බැලීම සඳහා විශිෂ්ටත්වයෙන් හා අවංක භාවයෙන් යුත්, පොදු හෝ වෘත්තීය ජීවිතයේ දී කීර්තියට පත්, කිසිදු දේශපාලන පක්ෂයක සාමාජිකයන් නොවන තැනැත්තන් වෙතින් අයදුම්පත්‍ර කැඳවා තිබෙනවා.

මේ සඳහා www.parliament.lk යන පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි පළකර ඇති ආකෘතිය අනුව පිළියෙල කරන ලද අයදුම්පත්‍රය සහ ජීව දත්ත සටහන 2022 නොවැම්බර් මස 28 දින හෝ එදිනට පෙර පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ. යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුයි

ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයන් පත්කිරීම’ යනුවෙන් සඳහන් කළ යුතුයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com