ශ්‍රී ලංකාව හා ස්විස්ටර්ලන්තය අතර නව ගුවන් සේවයක්

ශ්‍රී ලංකාව හා ස්විස්ටර්ලන්තය අතර නව ගුවන් සේවයක් ආරම්භ කරමින් ප්‍රථම ගුවන් යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත(10) පැමිණියා.

ස්විස්ටර්ලන්තයේ සුරීච් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට කටුනායක ගුවන්තොටුපොළ දක්වා මෙම සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක වනවා. ඊඩල් වයිස් ගුවන් සේවයට අයත් ඩබ්ලිව් කේ 68 දරණ පළමු ගුවන් යානය මෙසේ කටුනායක වෙත පැමිණියේ සංචාරක ගුවන් මගීන් 125 දෙනෙකුද සමගයි.

මෙම පිරිස පිළිගැනීමට සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා. මෙම ගුවන් සේවය සතියකට වරක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *