“NGO වලට අවශ්‍ය පරිදි පාසල් නිල ඇඳුම වෙනස් කරන්න බැහැ හයිටි රාජ්‍යයත් බිඳ වැටුණේ එහෙමයි – විමල්
![පාසල් නිල ඇඳුම වෙනස් කිරීමෙන් හයිටි රාජ්‍යය බිඳ වැටුණා; NGOකාර වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට කරන්න බෑ - විමල්](https://srihanda.lk/wp-content/uploads/2022/07/විමල්-වීරවංශ.jpg)
පාසල් නිල ඇඳුම වෙනස් කිරීමෙන් හයිටි රාජ්‍යය බිඳ වැටුණා; NGOකාර වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට කරන්න බෑ - විමල්
එන්.ජී.ඕ. වලට අවශ්‍ය පරිදි කටයුතු කරන වෘත්තීය සමිතිවල ඉල්ලීම්වලට අනුව ගුරුවරියන්ගේ හෝ පාසල් ළමයින්ගේ නිල ඇඳුම වෙනස් නොකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.
“ගුරුවරයාගේ හෝ ගුරුවරියගේ බාහිර පෙනුම රජයේ වෙනත් කාර්යාලයක කටයුතු කරන කෙනෙකුගේ බාහිර පෙනුමටත් වඩා සංවේදීව බලපානවා. හයිටිය නමැති රාජ්‍ය බිඳවැට්ටවීමේ උපාය මාර්ගික සැලැස්මේ එක් පියවරක් වුණේ පාසල් නිල ඇඳුම නැති කිරීම. ඒ විදිහට තමයි රටක සමාජීය විදිහට විනාශයට මග පාදන්නේ. එන්.ජී.ඕ. කාර වෘත්තීය සමිති බත් බැළයෝ ඔවුන්ගේ හාම්පුතාලගෙන් හම්බවෙන න්‍යාය පත්‍රයට අනුව මේ රටේ මුල්වලට ගහන්නේ. එන්.ජී.ඕ. කාර බත්බැළයෝ එක එක කාලයට එක එක යෝජනා ගේනවා.
ඒවා මේ මුළු මහත් ගුරුවරුන්ගේ යෝජනා නෙවෙයි. පාසල් දරුවන්ගේ නිල ඇඳුම එක පාරම ගලවන්න කියලා කියන්න බෑ. එහෙම කිව්වොත් කන්න වෙනවා කියලා දන්නවා. ඒ නිසා තමයි ආර්ථික අර්බුද, ගුරුවරියන්ට එකම සාරිය ඇඳන් එන්න බෑ කියලා මේ කියන්නේ. අනේ ගුරුවරියන්ට ඇඳුම් ප්‍රශ්නයක් තිබෙන්නේ කියලා ව්‍යාජ අනුකම්පාවක් ඉස්සරහට දාලා මේ කරන්න යන වැඩේට කිසි ලෙසකින්වත් ඉඩදිය යුතු නෑ.”