රු. කෝටි 8 අධික වටිනා මත්කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට
කෝටි 50ක් වටිනා මත්ද්‍රව්‍ය සමග 4ක් අත්අඩංගුවට
බේරුවල අඹේපිටිය ඩයස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් කෝටි 8 අධික වටිනා වටිනාකමින් මත්කුඩු සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
නාවික හමුදා මූලස්ථානය ලද තොරතුරකට අනුව හික්කඩුව විෂ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 පුද්ගලයෙකි.




