ශ්‍රී ලංකාවේ නිල සංචිතය තවදුරටත් පහළ යයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම්වල කැපී පෙනෙන ඉහළ යාමක්
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය සැප්තැම්බර් මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 1779ක්ව පැවති බවත් ඔක්තෝබර් මාසයේදී සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1704ක් දක්වා පහත බැස ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි.
මසක් ඇතුළත නිල සංචිත ප්‍රමාණය 4.2%න් පහත ගොස් ඇති බවත් ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 1.8ක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.