පොලිස් නිෂ්කාසන වාර්තා සම්බන්ධයෙන් විමසන්න විශේෂ දුරකතන අංක 2ක් හඳුන්වා දෙයි
ව්‍යාජ දඩගෙවීම් පණිවිඩ ගැන පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
මහජනයාට පොලිස් නිෂ්කාසන වාර්තා සම්බන්ධයෙන් විමසීම සදහා පොලිස් මුලස්ථානය විශේෂ දුරකතන අංක දෙකක් හදුන්වා දී ඇත.
පොලිස් නිෂ්කාසන වාර්තා ලබා ගැනීම සදහා විමසීම් කිරීමේදී ජනතාවට සිදුවන අපහසුතාව වැලැක්වීම සදහා මෙම නව අංක හදුන්වා දුන් බව පොලිසිය කියයි.
011-2439185, 011-2013500 යන එම විශේෂ දුරකන අංක ඔස්සේ සතියේ දිනවල උදෑසන 8.00 සිට රාත්‍රි 10.00 දක්වාත්, අති අන්තයේ හා රජයේ නිවාඩු දිනවල උදෑසන 8.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ විමසීම් කළ හැකි බව පොලිස් මුලස්ථානය පවසයි.




