අධිකරණ පනත් දෙකක් ඔක්තෝබර් (31) සිට බලාත්මකයි
අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ කඩිනමින් නිශ්කාෂණය කරන්නැයි චක්‍රලේඛයක්
පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මත වූ නොතාරිස් (සංශෝධන), සහ ලේඛන ලියාපදිංචි කිරීමේ (සංශෝධන) යන අධිකරණ පනත් දෙක බලාත්මක විය.
මේ පනත් කෙටුම්පත් දෙකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (31) සහතිකය සටහන් කළේය. පනත් කෙටුම්පත් දෙක බලාත්මක වූයේ ඒ අනුවය.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත් දෙක පාර්ලිමේන්තුවේදී පසුගිය මස දහනව වෙනිදා සම්මත විය.
මේ අනුව, ඉහත පනත් කෙටුම්පත් දෙක 2022 අංක 31 දරන නොතාරිස් (සංශෝධන) පනත සහ 2022 අංක 32 දරන ලේඛණ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත ලෙස ඔක්තෝබර් (31) සිට බලාත්මකවිය.




