අධිකරණ තීන්දුවකින් හැර වෙනත් ක්‍රමයකින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැක – මැතිවරණ කොමිෂන් සභාව

වියදම් වාර්තා ගැන මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක්
ද්විත්ව පුරවැසිකම සහිත මන්ත්‍රීවරුන් ඉවත් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අධිකරණ තීන්දුවක් මගින් හැර වෙනත් ක්‍රමයකින් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ නොහැකි බව පවසන කොමිෂන් සභාව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන්ට විසිඑක්වෙනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීමත් සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රීධූරය දෑරීමේ හැකියාවක් නොමැති බවද ප්‍රකාශ කළේය.
මැතිවරණයක් අවස්ථාවේ නාමයෝජනා බාර ගැනීමේදී ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන අතර එහිදී යම් පාර්ශවයක් ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් හෝ ප්‍රකාශයක් හෝ කළහොත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව කොමිසමේ ප්‍රකාශකයෙක් පැවසීය.
කෙසේ වෙතත් කිසියම් අයකු ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරයකුද යන්න සම්බන්ධයෙන් එකවරම ප්‍රකාශ කිරීමේ හැකියාවක් නොමැති බව කොමිසම පවසයි.
මේ අතර මේ කාරණය සම්බන්ධයෙන් අදහස් දක්වන පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා ප්‍රකාශ කරන්නේ ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් සිටින්නේ නම් ඔවුන් සිය ධූරවලින් ඉවත් වීමට වහා පියවර ගත යුතු බවයි.
ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් එම මන්ත්‍රීධූර අත් හැරීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුද ප්‍රකාශ කළහ.