අත්‍යාවශ්‍යම ඖෂධ හඳුනා ගැනීම සඳහා ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක්

මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඖෂධ හඳුනා ගැනීම සඳහා ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් පිහිටුවීමට ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව තීරණය කර ඇත.

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඒ්වා නොවන බවත්, එක් ඖෂධ වර්ගයක් සඳහා සන්නාම විශාල ප්‍රමාණයකින් ඖෂධ ආනයනය කිරීම සම්බන්ධයෙන් නිසි නියාමනයක් සිදු නොවීම විශාල ගැටළුවක් බවත් එම කමිටුවේ දී දීර්ඝව සාකච්ඡා කෙරිණ.

ඒ් නිසා මෙරට ජවතාවගේ ඖෂධ අවශ්‍යතාවය සහ එය සපුරාලීමට අත්‍යාවශ්‍යම ඖෂධ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා කොවිඩ් 19 වසංගත සමයේ පැවති ආකාරයේ ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් නැවත ස්ථාපනය කිරීම කෙරෙහි අවධානය යොමු විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *