නෙළුම් කුළුණේ මාසයක් තුළදී ලක්ෂ 900ක ආදායමක්

කොළඹ නෙළුම් කුලුණ සමාගමට බිලියනයක ආයෝජනයක්

කොළඹ නෙළුම් කුලුණ සමාගමට බිලියනයක ආයෝජනයක්

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

එය නැරඹීම සඳහා මෙරට සහ විදේශ ගත සංචාරකයන් 165000 පැමිණ ඇතැයිද ප්‍රධාන විධායක නිලධාරි වරයා කීය.

එකී ආදායම හිමිවී ඇත්තේ නැරඹීම සඳහා පැමිණෙන අය මිලදී ගත් ප්‍රවේශ පත්‍ර වලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතනවලින් ලබාගත් පහසුකම්වලින් බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

එය ජනතා අයිතියට පත් කළ ඉකුත් සැප්තැම්බර් 15 වැනි දින පළමු දිනයේ දී විදේශිකයන් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 නැරඹීමට පැමිණ රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලබාගෙන තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *