යුක්‍රේනයේ ප්‍රදේශ හතරක් ඈඳා ගැනීමේ අවසන් පත්‍රිකාවලට පුටින් අත්සන් තබයි

යුක්‍රේනයේ ප්‍රදේශ හතරක් ඈඳා ගැනීමේ අවසන් පත්‍රිකාවලට පුටින් අත්සන් තබයි
රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයේ ප්‍රදේශ හතරක් ඈඳා ගැනීමේ අවසන් පත්‍රිකාවලටපුටින් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
රුසියානු සමූහාණ්ඩුවට පිළිගන්නා බව එම පත්‍රිකාවල සඳහන් බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. Zaporizhzhia හි න්‍යෂ්ටික බලාගාරය රුසියාව විසින් අත්පත් කර ගැනීම විධිමත් කිරීමේ නියෝගයකටද රුසියානු ජනාධිපතිවරයා අත්සන් තබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පසුගිය සිකුරාදා රුසියානු නායකයා ක්‍රෙම්ලිනයේ මහා උත්සවයක් පැවැත්වූ අතර එහිදී ඔහු මොස්කව්හි ස්ථාපිත කලාප හතරේ නායකයින් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ. නමුත් යුක්‍රේන හමුදා දකුණේ සහ නැගෙනහිර ප්‍රදේශ දෙකෙහිම ජයග්‍රහණ අත්පත් කර ගැනීමත් සමග මෙම තත්ත්වය වෙනස්වන බව යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.
ලුහාන්ස්ක් හි යුක්‍රේන ආණ්ඩුකාර Serhiy Haidai, BBC පුවත් සේවයට පවසා තිබෙන්නේ කලාපයේ ගම්මාන හයක් නැවත අත්පත් කර ගෙන ඇති බවයි. එමෙන්ම යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි කෙර්සන් හි දකුණු ප්‍රදේශයේ තවත් ගම්මාන තුනක් නිදහස් කර ඇති බව පවසා තිබෙනවා.
මේ අතර රුසියානු මිසයිල හතක් නේවාසික ගොඩනැගිලිවලට වැදී ඇති අතර ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවද විදෙස් මාධ්‍ය පවසනවා.