පාස්කු ප්‍රහාර පැමිණිල්ල බලරහිත කරන්නැයි ඉල්ලා මෛත්‍රීපාලගෙන් රිට් පෙත්සමක්

මෛත්‍රීට නිවසක් දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරයි

මෛත්‍රීට නිවසක් දීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය බලරහිත කරයි

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියමින් තමාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් පවරා ඇති අපරාධ පැමිණිල්ල බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් (30) ගොනු කරනු ලැබ ඇත.

එමෙන්ම එම පැමිණිල්ල විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද හිටපු ජනාධිපතිවරයා අධිකරණයෙන් ඉල්ලා ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ එහි රෙජිස්ට්‍රාර්වරිය නම් කරනු ලැබ ඇත.

ආරක්ෂක අමාත්‍යවරයාව සිට පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්කවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නොතීසි නිකුත් කළේ ඉකුත් 16වැනිදාය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබින.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *