ඉන්දියන් ඔයිල් සමාගමට (IOC) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96ක්

ලංකා IOC බලපත්‍රය තවත් වසර 20කට දීර්ඝ කරයි
ඉන්දියන් ඔයිල් සමාගම (IOC) ශ්‍රී ලංකා තුළ නව ඉන්ධන පිරවුම්හල් 96ක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බව එම සමාගමේ උසස් නිලධාරියකු පැවසීය.
අයි.ඕ.සී. ශ්‍රී ලංකාව තුළ ඉන්ධන බෙදාහැරීමේ මෙහෙයුම් ආරම්භ කර මේ වන විට වසර 20ක් සම්පූර්ණ කර ඇති බවත් මේ වන විට එම සමාගම මෙහෙයුම් ක්‍රියාත්මක කරන ඉන්ධන පිරවුම්හල් 214ක් ඇති බවත් එම නිලධාරියා කීය.