වසර 70 පසු ඉන්දියාවේ වනාන්තරවලට චීටා සතුන්

වසර 70 පසු ඉන්දියාවේ වනාන්තරවලට චීටා සතුන්

වසර 70 පසු ඉන්දියාවේ වනාන්තරවලට චීටා සතුන්

1952 වසරින් පසු ඉන්දියාවේ වනාන්තරවලට චීටා සතුන් මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා.

නැමීබියාවෙන් ගෙන්වනු ලැබූ චීටාවන් අට දෙනෙකුයි ඉන්දියාවේ වනාන්තරවලට මුදා හැරෙන්නේ. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපන්දිනයට සමගාමී ලෙසයි. මධ්‍යම ඉන්දියාවේ ජාතික උද්‍යානයකට මෙලෙස චීටාවන් මුදා හැරීම සිදුවනවා. ඔවුන් මුදා හැරීමට පෙර මසක පමණ කාලයක් නිරෝධායනයට ලක් කෙරෙනවා. ඉන්දියාවේ වනාන්තරවල අතීතයේදී චීටාවන් සිටියද 1952 වසර වන විට ඔවුන් සම්පූර්ණයෙන් වඳවුණා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *