ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දූෂිතයි සහ දුර්වලයි – මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් 20ක් - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

පළාත් පාලන ඡන්දයට විවිධ බාධා කිරීම් 20ක් - මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලිය දූෂිත සහ දුර්වල බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසීය.

මැතිවරණ කොමිසම මේ ආකාරයට පැවසීම ආන්දෝලනාත්මක විය හැකිවුවත් එය කිව යුතු බවද ඔහු සඳහන් කළේය. සභාපතිවරයා මෙසේ පැවසුවේ ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් සංවිධාන කෙරුණු වැඩසටහනකට සහභාගී වෙමිනි.

අද බොහෝ පක්ෂ වල තිබෙන්නේ තනි ආධිපත්‍යයක් බවත් ප්‍රධාන නායකයන්ගේ දෘෂ්ටිවාදයෙන් පිට ඒවායේ කටයුතු කළ නොහැකි බවත් සභාපතිවරයා කීවේය.

ඡන්ද අපේක්ෂකයන්ට අදාල ආචාරධර්ම නීතිගත කළ යුතු බව පැවසූ පුංචිහේවා මහතා එම ආචාරධර්ම ඔවුන්ගේ මුළු ධූර කාලයටම එකසේ බල පැවැත්විය යුතු බව ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *