විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය 16.4%කින් ඉහළට

විදෙස් ප්‍රේෂණ ඉහළට

විදෙස් ප්‍රේෂණ ඉහළට

මේ වසරේ ජුලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ විනිමය සියයට 16.4කින් ඉහළ ගොස් ඇති බවත්, මේ වසරේදී විදේශ රැකියා සදහා පිටත්වීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී ඇති ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

ජුලි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 279ක් වූ විදේශ ගත ශ්‍රමික ප්‍රේශණ ප්‍රමාණය අගොස්තු මාසය වන විට ඩොලර් මිලියන 325ක් දක්වා ඩොලර් මිලියන 46කින් ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙලෙස මුදල් එවා ඇති සෑම විදේශ ගත ශ්‍රමිකයෙක්ටම සිය ස්තුතිය පුද කරන බවද, මේ අවස්ථාවේදී සියලුම ශ්‍රී ලාංකිකයින්ට විදේශ ගත ශ්‍රමිකයින්ගේ සහාය අත්‍යවශ්‍ය බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර මේ වසර තුළදී විදේශ රැකියා සදහා පිටත්ව යාමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවූ ශ්‍රමික සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබෙනවා.

මේ වසරේදී ශ්‍රමිකයින් ලක්ෂ තුනක් විදේශ රැකියා සදහා පිටත් කර යැවීමේ ඉලක්කයක් පැවති අතර එම ඉලක්කය තුන් ලක්ෂ තිස් දහස දක්වා ඉහළ නැංවීමට කටයුතු කරනු ඇති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *