විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ සිසුවාට ඇප

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ සිසුවාට ඇප

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වූ සිසුවාට ඇප

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළු වී පරිගණක අපරාධ පනතේ වරදක් කළැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ගාල්ල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ සිසුවා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා (09) නියෝග කළේය.

තම සේවාදායකයා මෙවර උසස් පෙළ විභාගය සඳහා සූදානම් වෙමින් සිටින විභාග අපේක්ෂකයකු බැවින් සානුකම්පිතව සිතා බලා ඇප ලබාදෙන ලෙසට සැකකාර සිසුවා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ හදාරන සිසුවෙකි.

2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ මෙම සැකකරු වරදක් කර ඇතැයි සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය සැකකාර සිසුවා අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ලද පසු විශේෂ තාක්ෂණික ක්‍රමවේදයක් භාවිත කරමින් සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉෂාර ගයාශ්‍රී මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *